Connect with us

News

සල්මන්ට වසර පහක සිර දඬුවමක්

Published

on

ඉන්දියාවේ  සුපිරි හින්දි නළු සල්මන් ඛාන්ට වසර පහක සිරදඬුවමක් නියමකොට තිබෙනවා.

ඒ 1998 වසරේදී චිත්‍රපටයක් තිර ගත කර අතරතුළදී මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන් වසර 5කට සිර ගත කිරීමට ජෝඩ්පූර් අධිකරණය තීරණය කළේය. එම නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. සුපිර නළුවා ජෝඩ්පූර් බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත.

නඩු තීන්දුවට අදාළව සල්මන් ඛාන් ඇප අයදුමක් ඉදිරිපත් කර ඇති අතර එය සිකුරාදා දිනයේදී විභාගයට ගැනීමට නියමිතය.

වනජීවී ආරක්ෂක පනත යටතේ මෙම වසර පහක සිර දඬුවම නියම කර තිබෙනවා.

 

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

News

පෙම්වතාට වෙඩි තබා පෙම්වතියත් සියදිවි නසා ගනී

Published

on

By

ලොව ප්‍රකට වීඩියෝ හුවමාරු වෙබ් අඩවියක් වන යූ ටියුබ් වෙබ් අඩවියේ මූලස්ථානය තුළ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

කාන්තාවක් එම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පසුව අදාළ කාන්තාව ද වෙඩි තබා ගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 27 සහ 32 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු සහ ඇගේ පෙම්වතා බවට සැක කෙරෙන 36 හැවිරිදි පුද්ගලයෙක්.

එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Continue Reading

News

ෆේස්බුක් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

Published

on

By

ඇමරිකානු ජනාධිපතිවරණය සමයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් දත්ත එක්රැස් කිරීම හේතුවෙන් ෆේස් බුක් පරිශීලකයින් මිලියන 87 කට බලපෑම් එල්ල වී ඇති බව නවතම දත්ත අනාවරණ කර තිබෙනවා.

මීට පෙර එය සටහන් වූයේ මිලියන 50 ක් ලෙසයි.

 

ලබන සතිය වනවිට ෆේස් බුක් සමාගම විසින් එලෙස දත්ත පිටවූ පුද්ගලයින්ට ඒ පිළිබද දැනුම් දීමට කටයුතු කරන සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පවසනවා.

මේ අතර මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාරයක් මෙහෙය වීමට ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මෙවලම් යොදාගෙන ඇතැයි එහි නිර්මාතෘ මාක් සකබර්ග් පවසනවා.

වොක්ස් නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියට සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ කලාපය තුළ හානිකර කටයුතු සඳහා ෆේස්බුක් යොදාගෙන ඇති බවයි.

ඒ හරහා සංවේදී කරුණු පළ කිරීම, පාර්ශවයන් අතර ගැටුම් ඇවිලීමට හේතු වී ඇති බවත්, මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සහ එරට බෞද්ධ ජනතාව අතර ගැටුම් ඇතිවීමට එය හේතුවක් වූ බවත් සකබර්ග් වැඩිදුරටත් කියා සිටියා.

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ අඩු ලුහුඩුකම් මකා ගැනීමට තවත් වසර කිහිපයක් ගත විය හැකි බවයි ඔහු අවධාරණය කළේ.

එසේම තම පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට ෆේස්බුක් සමාගමට එල්ලවූ චෝදනාවට එහි නිර්මාතෘ මාක් සකබර්ග් වරද පිලිගැනීමත් සමඟ ඒ පිළිබඳව ලොවපුරා විශේෂ අවධානය යොමුවූවා.

ගාඩියන් සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තා කර තිබුණේ පෞද්ගලික සමාගමක් ෆේස්බුක් හරහා එරට දේශපාලනඥයින්ගේ සහ තවත් පුද්ගලයින්ගේ තොරතුරු ග්‍රහණය කරගෙන ඇති බවයි.

අදාළ තොරතුරු 2016 වසරේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට උපකාරි වන ලෙස භාවිත කරන්නට ඇති බවට ද මත පළ වුණා.

ඒ අනුවයි මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ෆේස්බුක් නිර්මාතෘවරයාට ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණේ.

 

Continue Reading

News

බස් රථ අනතුරකින් නායකයා ඇතුළු ක්‍රීඩකයින් 15 ක් ජීවන ගමනට​ සමුදෙයි

Published

on

By

කැනඩාවේ සස්කැචේවාන් ප්‍රාන්තයේ දී  සිදු වූ බස් රථ අනතුරකින් එරට කණිෂ්ඨ අයිස් හොකී කණ්ඩායමේ නායකයා ඇතුළු ක්‍රීඩකයින් පහලොස් දෙනෙකු අවාසනාවන්ත අන්දමින් මරණයට පත්ව තිබෙනවා.

ඒ‍ ක්‍රීඩකයින් රැගෙන ගමන් කළ බස් රථය තවත් රථයක ගැටීමෙන්.

හම්බෝල්ට් බ්‍රොන්කෝස් නම් මෙම කණිෂ්ඨ අයිස් හොකී කණ්ඩායමට වයස අවුරුදු 16 ත් 21 ත් අතර ක්‍රීඩකයින් විසි නව දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් බස් රථයේ රියදුරු ඇතුළු ක්‍රීඩකයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

Continue Reading
Advertisement

Trending

Copyright 2018 by Ahumulu.com. All Rights Reserved. Powered by Wordpress