Connect with us

News

බස් රථ අනතුරකින් නායකයා ඇතුළු ක්‍රීඩකයින් 15 ක් ජීවන ගමනට​ සමුදෙයි

Published

on

කැනඩාවේ සස්කැචේවාන් ප්‍රාන්තයේ දී  සිදු වූ බස් රථ අනතුරකින් එරට කණිෂ්ඨ අයිස් හොකී කණ්ඩායමේ නායකයා ඇතුළු ක්‍රීඩකයින් පහලොස් දෙනෙකු අවාසනාවන්ත අන්දමින් මරණයට පත්ව තිබෙනවා.

ඒ‍ ක්‍රීඩකයින් රැගෙන ගමන් කළ බස් රථය තවත් රථයක ගැටීමෙන්.

හම්බෝල්ට් බ්‍රොන්කෝස් නම් මෙම කණිෂ්ඨ අයිස් හොකී කණ්ඩායමට වයස අවුරුදු 16 ත් 21 ත් අතර ක්‍රීඩකයින් විසි නව දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් බස් රථයේ රියදුරු ඇතුළු ක්‍රීඩකයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

News

පෙම්වතාට වෙඩි තබා පෙම්වතියත් සියදිවි නසා ගනී

Published

on

By

ලොව ප්‍රකට වීඩියෝ හුවමාරු වෙබ් අඩවියක් වන යූ ටියුබ් වෙබ් අඩවියේ මූලස්ථානය තුළ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

කාන්තාවක් එම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පසුව අදාළ කාන්තාව ද වෙඩි තබා ගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 27 සහ 32 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු සහ ඇගේ පෙම්වතා බවට සැක කෙරෙන 36 හැවිරිදි පුද්ගලයෙක්.

එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Continue Reading

News

ෆේස්බුක් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

Published

on

By

ඇමරිකානු ජනාධිපතිවරණය සමයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් දත්ත එක්රැස් කිරීම හේතුවෙන් ෆේස් බුක් පරිශීලකයින් මිලියන 87 කට බලපෑම් එල්ල වී ඇති බව නවතම දත්ත අනාවරණ කර තිබෙනවා.

මීට පෙර එය සටහන් වූයේ මිලියන 50 ක් ලෙසයි.

 

ලබන සතිය වනවිට ෆේස් බුක් සමාගම විසින් එලෙස දත්ත පිටවූ පුද්ගලයින්ට ඒ පිළිබද දැනුම් දීමට කටයුතු කරන සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පවසනවා.

මේ අතර මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාරයක් මෙහෙය වීමට ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මෙවලම් යොදාගෙන ඇතැයි එහි නිර්මාතෘ මාක් සකබර්ග් පවසනවා.

වොක්ස් නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියට සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ කලාපය තුළ හානිකර කටයුතු සඳහා ෆේස්බුක් යොදාගෙන ඇති බවයි.

ඒ හරහා සංවේදී කරුණු පළ කිරීම, පාර්ශවයන් අතර ගැටුම් ඇවිලීමට හේතු වී ඇති බවත්, මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සහ එරට බෞද්ධ ජනතාව අතර ගැටුම් ඇතිවීමට එය හේතුවක් වූ බවත් සකබර්ග් වැඩිදුරටත් කියා සිටියා.

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ අඩු ලුහුඩුකම් මකා ගැනීමට තවත් වසර කිහිපයක් ගත විය හැකි බවයි ඔහු අවධාරණය කළේ.

එසේම තම පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට ෆේස්බුක් සමාගමට එල්ලවූ චෝදනාවට එහි නිර්මාතෘ මාක් සකබර්ග් වරද පිලිගැනීමත් සමඟ ඒ පිළිබඳව ලොවපුරා විශේෂ අවධානය යොමුවූවා.

ගාඩියන් සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තා කර තිබුණේ පෞද්ගලික සමාගමක් ෆේස්බුක් හරහා එරට දේශපාලනඥයින්ගේ සහ තවත් පුද්ගලයින්ගේ තොරතුරු ග්‍රහණය කරගෙන ඇති බවයි.

අදාළ තොරතුරු 2016 වසරේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට උපකාරි වන ලෙස භාවිත කරන්නට ඇති බවට ද මත පළ වුණා.

ඒ අනුවයි මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ෆේස්බුක් නිර්මාතෘවරයාට ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණේ.

 

Continue Reading

News

ෆේස්බුක් මඟින් හඳුනාගත් තරුණයෙක් මාතර තරුණියක් රවටා කළ අපරාධය

Published

on

By

ෆේස්බුක් ගිණුම මඟින් හඳුනාගත් තරුණියක් රවටා රුපියල් විසිලක්ෂ පනස්දෙදහස් පන්සීයක මුදලක් වංචා කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාතර කොට්ඨාස වංචා විමර්ශන ඒකකය පවසනවා.

අදාළ තරුණිය මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

මාතර නගරයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන ඇය ෆේස්බුක් ගිණුම ඔස්සේ එක්සත් රාජධානියේ සිටින බව කියන සැකකරුවකු හඳුනාගෙන තිබෙනවා.

ඔහු වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල ඇමතුමක් ලබා ගෙන ඇය සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා බහකර ඇයට ත්‍යාගයක් ලෙස එවීමට කැමති ඇදුම් පැළදුම්,මාල රන් ආභරණ ඇතුළු භාණ්ඩ රැසක ඡායාරූප පෙන්වා යුරෝ තිස් දෙදහසක මුදලක් ද එම තෑගි පාර්සලය සමඟ එවන බවයි පවසා ඇත්තේ.

ඉන් දින කිහිපයකට පසු තවත් පුද්ගලයෙකු ඇයට අන්තර්ජාල ඇමතුමකින් පවසා ඇත්තේ මිතුරා දුන් ත්‍යාග පාර්සලය රැගෙන ආ බැවින් එය රේගුවෙන් නිදහස් කර ගැනීමට මුදල් එවන ලෙසයි.

ඒ අනුව ඉකුත් මාර්තු මස 16 සිට 21 දක්වා අතර දින පහක කාලය තුළ රුපියල් විසිලක්ෂ පනස්දෙදහස් පන්සීයක මුදලක් සැකකරු විසින් ලබා දුන් මෙරට බැංකු ගිණුම් හතකට බැර කර තිබෙනවා.

කෙසේ වුවත් අදාළ ත්‍යාගය එවීමට නම් තවත් ලක්ෂ තුනක් අවශ්‍ය බව සැකකරු විසින් දැනුම් දීම හේතුවෙන් පොරොන්දු වූ පරිදි ත්‍යාගය මේ දක්වා නොලැබීම නිසා ඇති වූ සැකය මත එම තරුණිය පොලීසියට කළ පැමිණිල්ලක් අනුවයි පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

 

Continue Reading
Advertisement

Trending

Copyright 2018 by Ahumulu.com. All Rights Reserved. Powered by Wordpress